සංචාරයට ශ්‍රී ලංකාවට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්

සංචාරයට ශ්‍රී ලංකාවට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට දැනුම්දී තිබෙනවා.

සංචාරක උපදේශයනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇති අතර ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩකඩ පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

මීට අමතරව සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවටයි ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ.

Share This