සඟවා ඇති රජයේ වාහන ගැන තොරතුරු දන්නවා නම්  1997 අංකයට දැනුම් දෙන්න

සඟවා ඇති රජයේ වාහන ගැන තොරතුරු දන්නවා නම් 1997 අංකයට දැනුම් දෙන්න

රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන වාහන යම් ස්ථානයක වංචා සහගතව හෝ නීති විරෝධි ලෙස හෝ කොටස් කර සඟවා ඇත්නම් සහ අබලන් විමට ඉඩහැර තිබෙන බවට, යම්කිසි තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙසපොලීසිය මහජනතාවට දැනුම් දෙනවා

ඒ අනුව පැය 24 පුරාම ක්‍රියාත්මක 1997 යන විශේෂ දුරකථන අංකයට එම තොරතුරු තොරතුරු ලබා දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

එමෙන්ම තොරතුරු ලබාදෙන ඔබගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන් සුරක්ෂිත කිරිමට කටයුතු කරන අතර ඔබගේ අනන්‍යතාවය ද පැවසීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පැවසුවේ

කෙසේ වෙතත් යම්කිසි අයෙකු අසත්‍ය තොරතුරක් ලබා දීමට කටයුතු කළහොත් ඒ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන බව ද සඳහන්

Share This