සජීවී ප්‍රසංගයකදී සර්කස් ශිල්පිනියකට දිවි අහිමි වෙයි

සජීවී ප්‍රසංගයකදී සර්කස් ශිල්පිනියකට දිවි අහිමි වෙයි

චීන සර්කස් ශිල්පිනියක සජීවී ප්‍රසංගයක් අතරතුර දී අඩි 30ක් පමණ උස් ස්ථානයකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

සිය සැමියා සමග එම ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටියදීයි ඇය මෙම අනතුරට පත්ව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඉහළ අවකාශය භාවිත කරමින් පියාසර ඉරියව්වක් නිරූපණය කරන අවස්ථාවේ ඔහුගේ පාදවලින් ඇයව අල්ලා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඇය මෙලෙස ඇද වැටී ඇති බවයි.

ඇය සර්කස් සංදර්ශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක මෙවලම් කිසිවක් භාවිත කර නොමැති බව ද සඳහන්.

Share This