සටන පාවා දෙන්නේ නැහැ – ගුරු සංගම් දැඩි තීරණයක

සටන පාවා දෙන්නේ නැහැ – ගුරු සංගම් දැඩි තීරණයක

 

ගුරු විදුහල්පති වර්ජනය පාවා දීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව වෘත්තීය සමිති පවසනවා.

විවිධ හඬපට නිකුත් කරමින් සටන අඩපන කිරීමට ඇතැමුන් උත්සහ කරන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.

ගුරු විදුහල්පති වැටුප් විශමතා පිළිබද අද (14) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී ගුරුවරුන්ගේ සංවෘත සේවාවන් ඇතුලු ගැටලු රැසක් වෙත අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවද මහින්ද ජයසිංහ මහතා කියා සිටියා.

Share This