සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ දරන්නන් (PHOTOS )

සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ දරන්නන් (PHOTOS )

සුඩානයේ සිටින විදේශීය ජාතිකයන් දහස් ගණනක් පවතින සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍ය වැසියන් Khartoum අගනුවර අසළ පිහිටි ගුවන් තොටුපළක් වෙත ගොස් සයිප්‍රසය හරහා නැවත එක්සත් රාජධානියට යාමට උත්සාහ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පුද්ගලයන් 230-240ක් පමණ පිරිසක් සුඩානයෙන් පිටත්වීමට නියමිත ගුවන් යානාවලට රැස්වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නෞකාවකින් රටවල් 50ක පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් මීට පෙර රතු මුහුද හරහා ජෙඩා වරායට පැමිණි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

අසල්වැසි ඊජිප්තුව, ඉතියෝපියාව සහ දකුණු සුඩානය වෙත ළඟා වීමට සුඩාන ජාතිකයන් දස දහස් ගණනක් දිගටම උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Khartoum අගනුවර රැඳී සිටින අය නිවාසවල නැවතී සිටින නමුත් ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් සැපයුම් අවසන් වෙමින් පවතින බවයි වාර්තා වී තිබෙන්නේ.

Share This