සතියකට ඩොලර් 315,000ක වැටුපක් ලබන ලාංකික කාන්තාවක් -ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ෂෙමාරා ගැනයි මේ

සතියකට ඩොලර් 315,000ක වැටුපක් ලබන ලාංකික කාන්තාවක් -ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ෂෙමාරා ගැනයි මේ

ඩොලර් 200ක මුදලක් අතැතිව  ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ දියණියක් දැන් එරට  ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.

ඇය මේ වනවිට සතියකට ඩොලර් 315,000ක් උපයන බවයි පැවසෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන  Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය

Macquarie සමූහ ප්‍රධාන විධායක ෂෙමාරා වික්‍රමනායක 2021 දී ඩොලර් මිලියන 16.39 ක් උපයා ඇති බව එරට බැංකුව සිය නවතම වාර්තාවෙන් නිවේදනය කර තිබෙනවා.

2019 වසරේදී, ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූ පළමු කාන්තාව වුණා

ඇය ඒ වනවිට 60 හැවිරිදි වියේ පසු වුණා.

ඇය 1970 ගණන්වල සිය පවුල සමඟ වයස අවුරුදු 14 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙනවා.

එමෙන්ම  කෙටි කාලයක් තුළ නීතීඥවරියක් සහ බැංකුකරුවෙකු ලෙසද ඇය ඉක්මනින් සිය වත්තීය දිවියේ ඉහළට ගොස් තිබෙන බව සඳහන්.

ඇයගේ පියා රංජි 2018 දී Australian Financial Review වෙත පවසා තිබෙන්නේ  ශ්‍රී ලංකාවේදී  වරප්‍රසාද සහිත ජීවිතයක් භුක්ති වින්ද නමුත් අවසානයේ 1975 දී ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පෙර ඔවුන් දුෂ්කර කාලවලට මුහුණ දුන් බවයි.

රංජි මහතා 1958 දී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර එම වසරේම වැඩිදුර පුහුණුව සඳහා ඔහුගේ බිරිඳ අමරා සමඟ ලන්ඩනයට ගොස් තිබෙනවා.

එංගලන්තයේ පදිංචි වුණු මොවුන් ජීවිතය එහිදී ගත කිරීමට ආරම්භ කර ඇති අතර ඔවුන්ට 1960 දී රොෂානා සහ ඊළඟ වසරේ ෂෙමාරා යනුවෙන් දියණියන් දෙදෙනෙක් ලැබී තිබෙන බව සඳහන්

ෂෙමාරාගේ වැඩිමහල් සොහොයුරිය රොෂානා එරට නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති නීතීඥවරියක් බවට පත් වූ අතර ඇගේ බාල සොහොයුරා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස බෝරල්හි දකුණු හයිලන්ඩ්ස් පෞද්ගලික රෝහලේ සේවය කරනු ලබනවා.

ඇගේ පවුල ඕස්ට්‍රේලියාවට පැමිණ අඩසියවසකට ආසන්න කාලයකට පසු, ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් නම් කරනු ලැබුවා

එම පදවිය ලබා ගත් පළමු කාන්තා විධායකවරිය ලෙසයි ෂෙමාරා ඉතිහාසගත වන්නේ.

 

Share This