සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම

සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය අද (10) පස්වරුවේ පැවැත්වුණා

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි

අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මෙහිදී සිදු කෙරුණා

එහිදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගන්වනු ලැබුවා

වර්ෂ 1948 ඔක්තෝබර් මස 01 වන දින මාතර කඹුරුපිටියේදී උපත ලබා වර්ෂ 1962 අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ වෙතින් ප්‍රවෘජ්ජාව ලබා උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ සිය හැට වසරකට අධික භික්ෂු ජීවිතය තුළ ඉටු කරන ලද ශාසනික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික සේවාව අගයමින් අමරපුර මහා නිකාය විසින් උන්වහන්සේ වෙත අභිනව මහානායක ධුරය පිළිගන්වනු ලැබ තිබෙනවා

මෙම පුණ්‍ය මහෝත්සවය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි මහඟු වගකීමක් පැවරී තිබෙන බවයි.

එමෙන්ම ආර්ථික සහ දේශපාලන වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබුවද යහපත් සමාජයක් නිර්මාණය කර නොගතහොත් එම කිසිවකින් ඵලක් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළා

Share This