
සබරගමුව සරසවියේ නවකවධය සිද්ධියට අත්අඩංගුවට ගත් ජේෂ්ඨ සිසුන් යලි රිමාන්ඩ්
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වධය ලබා දීමේ සිද්ධියක් හේතුවෙන් තාක්ෂණ පිිඨයේ දෙවැනි වසරේගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවාගේ මරණ සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර සිසුන් දස දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) යලි ඉදිරිපත් කිරිමෙන් පසු එළඹෙන 29 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රැක්ෂි වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.
විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවක වධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් දස දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල පසු අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
අධිකරණයට ඉදිරිපත් සැකකාර සිසුන් වෙනුවෙන් පෙනි සිටි නිළනොලත් මහේස්ත්‍රාත් නිිතිඥ දේශබන්දු සුරියබටබැදි මහතා සැකකාර සිසුන්ට වෙත ඇප ලබාදෙන ලෙස අධිකරණයයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලිම අධිකරණයයේදි ප්‍රතික්ෂේප විය.
මේ සමිබන්දයෙන් පරික්ෂණ සිදු කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණය ඉදිරියේ සදහන් කර සිටියේ නවක වධය පනත උල්ලංඝනය කරමින් එය කඩ කර තිබෙන බවයි.
මේ හේතුවෙන් ඇප ලබා නොදෙන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර එම කරැණු සැලකිල්ලට ගනිමින් බලන්ගොඩ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකාර සිසුන් දස දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළා.