සමරිසි පුද්ගලයින්ට දඬුවම් කළොත් සිදුවන දේ

සමරිසි පුද්ගලයින්ට දඬුවම් කළොත් සිදුවන දේ

සමරිසි විරෝධී පනත සම්බන්ධයෙන් සම්බාධක පනවන බවට ධවල මන්දිරය උගන්ඩාවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සමරිසි ක්‍රියාකාරකම් මැඩලීමේ නව පනත් කෙටුම්පතක් නීතියක් බවට පත් වුවහොත් සිදුවිය හැකි ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව ධවල මන්දිරය උගන්ඩාවට අනතුරු අඟවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

උගන්ඩාවේ සමරිසි පුද්ගලයින් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී මරණීය දණ්ඩනය ද එයට ඇතුළත් වනවා

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද දැඩි කණස්සල්ල පළ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පවසන්නේ මෙය අපරාධයක් ලෙස සැලකීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි බවයි.

Share This