සම්මානලාභී මාධ්‍යවේදියෙකුට පහර දීමෙන් පසු රුසියාව අපරාධ විමර්ශනයක් ආරම්භ කරයි

සම්මානලාභී මාධ්‍යවේදියෙකුට පහර දීමෙන් පසු රුසියාව අපරාධ විමර්ශනයක් ආරම්භ කරයි

සම්මානලාභී මාධ්‍යවේදිනී Elena Milashinaට චෙච්නියාවේදී දරුණු ලෙස පහරදීමෙන් පසු අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ බව රුසියානු විමර්ශන නිලධාරීන් පවසනවා.

45 හැවිරිදි මිලාෂිනා, හිටපු යුධ නායකයෙකු වූ රම්සාන් කදිරොව් විසින් වසර ගණනාවක් පාලනය කරන ලද කොකේසස් ජනරජයේ චෙච්නියාවේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව මාධ්‍ය ආවරණය ලබා දෙනවා.

රුසියාවේ ඉහළම ස්වාධීන පුවත්පතක් වන Novaya Gazeta සඳහා වාර්තා කරන Elena Milashina සහ නීතිඥයෙකු වන Alexander Nemov මේ සතියේ චෙච්නියා ජනරජයේදී දරුණු ලෙස පහර කෑමට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට ඇය මොස්කව් රෝහලක බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන්.

Share This