
සමාජ ආරක්ෂණ බදු පනත පාර්ලිමේන්තුවට
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
2025 අයවැය මඟින් යෝජනා කරන ලද බදු ප්‍රතිපත්ති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.