
සමුගැනීම නිවේදනය කළ ඇන්ඩර්සන්
එංගලන්තයේ සුපිරි වේගපන්දු ජේම්ස් ඇන්ඩර්සන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
ටෙස්ට් පිටියේ පමණක් මේ වන විට ක්‍රීඩා කරන ඔහු එළඹෙන ගිම්හානයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිය අවසන් තරගය වනු ඇති බවයි සඳහන් කර ඇත්තේ.
41 හැවිරිදි වියේ පසුවන ඇන්ඩර්සන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නෙකු ලෙස සැලකෙනවා.
2003 වසරේ දී සිය මංගල ක්‍රිකට් දිවිය ආරම්භ කළ ඔහු ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන ඇති බව සඳහන්.
