සය නිවුන් දරු උපතක්
මෙරට පළමු සය නිවුන් දරු උපත අද වාර්තා වුණා.ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි.
සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව ඇත්තේ අද අලුයම 12.16 ත්12.18 අතර කාලය තුළදීයි. මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් මෙම ශල්‍යකර්මය සිදු කෙරුණා.
මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි.
31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.