සරණාගත කඳවුරේ විදුලිබලයට හා ජල සැපයුමටත් හානි -පලස්තීනුවන් දහස් ගණනක් කඳවුර හැර යයි

සරණාගත කඳවුරේ විදුලිබලයට හා ජල සැපයුමටත් හානි -පලස්තීනුවන් දහස් ගණනක් කඳවුර හැර යයි

පවතින සටන් හේතුවෙන් ජෙනින් සරණාගත කඳවුරේ විදුලිබලයට හා ජල සැපයුමට බාධා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා .

මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය ප්‍රකාශක Farhan Haq සඳහන් කරන්නේ කඳවුරෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ ගැටළු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ද ගැටුම් හේතුවෙන් පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ

වැඩිදුරටත් නියෝජ්‍ය ප්‍රකාශක Farhan Haq පවසන්නේ මහලේකම්වරයා භූමියේ තත්ත්වය පිළිබඳව දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි.

සියල්ල ජාත්‍යන්තර නීතියට අනුව සිදුවන බවට අප වග බලා ගත යුතු වුවත් එය පසුගිය පැය 36 තුළ සිදු වූ සිදුවීම් වලින් පෙන්නුම් නොකළ බවද ඔහු පෙන්වා දෙනවා.

පලස්තීනුවන් දහස් ගණනක් ජෙනින් සරණාගත කඳවුර හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊශ්‍රායලය පලස්තීන සටන්කාමීන්ට එරෙහිව මහා පරිමාණ හමුදා මෙහෙයුමක් දියත් කළ අතර එයින් පලස්තීනුවන් 10 දෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සැකකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා

Share This