ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න ගැන අල්ලස් කොමිසම තොරතුරු ඉල්ලයි
ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේශි සූරසිංහ විජේරත්න

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න ගැන අල්ලස් කොමිසම තොරතුරු ඉල්ලයි

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුලු පාර්ශ්වයන්ගේ තොරතුරු රැස්කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි සූරසිංහ විජේරත්න විසින් EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ භාවිතයෙන් ස්නායු ශල්‍යකර්මයන් සිදුකරන ලදුව,එම අයිතම බාහිර ආයතන වලින් ලබාගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුලුව තවත් චෝදනා කිහිපයක් යටතේ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට සිදුකරමින් සිටී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ එඋ වෛද්‍යවරියගෙන් ශල්‍යකර්මයන්ට භාජනය වූ / අගතියට පත්ත වූ 77 දෙනකු ගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

එලෙස අගතියට පත් වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබද තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාල තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටී.

ක්ෂණික ඇමතුම් -1954
විද්‍යුත් ලිපිනය – [email protected]

Share This