
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට ග්ලෝබල් බිස්නස් එක්ස්සලන්ස් සම්මාන උළෙලේ සම්මාන රැසක් (VIDEO)
ශ්‍රී ලංකේය විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් මෙරට දැවැන්තම මාධ්‍ය ජාලය වන ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ග්ලෝබල් බිස්නස් එක්ස්සලන්ස් සම්මාන උලෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබුවා.
එහිදී නව්‍යකරණය වූ ප්‍රවෘත්ති සන්නාමය ලෙස ලයිව් ඇට් ශ්‍රී ලංකා සම්මානයට පාත්‍ර වූ අතර වසරේ නව්‍යකරණය වූ රූපවාහිනී නාලිකාව ඇතුළු සම්මාන රැසක් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට හිමිවුණා.
Global Business Excellence Awards 2025 සම්මාන රාත්‍රිය ඊයේ උත්කර්ශවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙරට රුපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, සමාජ මාධ්‍ය ඇතුලු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් සම්මාන පිරිනැමීමට මෙහිදී කටයුතු කර තිබුණා.
මෙවර Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී ස්වර්ණවාහිනිය තවදුරටත් ජනතාවගේ නාලිකාවක් බවට තහවුරු කරමින් වසරේ වඩාත්ම නව්‍යකරණය වූ රූපවාහිනී නාලිකාව ලෙස සම්මාන හිමිකර ගත්තා.
එමෙන්ම වසරේ වඩාත්ම නව්‍යකරණය වූ ප්‍රවෘත්ති සන්නාමය බවට පත්වුණේ කවදත් සමබර ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති සන්නාමයයි.
ගුවන් විදුලි ක්ෂේත්‍රයද අතික්‍රමණය කර ඇති ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ රන් ත්‍ඵ ගුවන්විදුලිය හොඳම සම්භාව්‍ය සහ සංගීතමය ගුවන්විදුලි නාලිකාව ලෙසට සම්මාන ලැබුවේ කවදත් මෙරට සංස්කෘතියට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකේය අභිමානය ලොවට රැගෙන යන අභිමානවත් ගුවන් විදුලි නාලිකාවක පෞඪත්වය ඔප් නංවමින්.
සැවොම භාවිත කරන ශ්‍රී ලංකා ඩිජිටල් අවකාශයේ විශ්වසනීයත්වය සහ සත්‍ය තවදුරටත් සහතික කළ ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයම ඩිජිටල් වේදිකාවට හිමි සම්මානය ද ස්වර්ණවාහිනියට හිමි වුණේ නව තාක්ෂණය පෙරටුකරගත් ඩිජිටල් වේදිකාව භාවිත කරන ශ්‍රාවක ප්‍රේක්ෂක සැමගේම විශ්වසනීයත්වය තවදුරටත් සුරකිමින්.
එමෙන්ම වසරේ විශ්වසනීයම රූපවාහිනී නිවේදිකාවට හිමි සම්මානය හිමිකර ගත්තේ ද ස්වර්ණවාහිනියේ නර්මදා ජයමහයි.
ශ්‍රී ලාංකේය විකාශන ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් ඒ හා බැඳී මාධ්‍ය තාක්ෂණයන්හි විශිෂ්ටත්වය වෙනුවෙන් ස්වර්ණවාහිනියේ සමූහ විකාශන ඉංජිනේරු නිලූප රණවීර මහතා Global Business Excellence Awards 2025 සම්මාන රාත්‍රියේ දී සම්මානයෙන් පිදුම් ලැබුවා.
කවදත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක, ශ්‍රාවක සහ පාඨක ඔබ සැමට නැවුම් අත්දැකීම් ගෙන එන ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය යළි යළිත් මෙරට සහෘද ජනතාවගේ හදවතේ ඉහළින්ම රැඳෙන දැවැන්තම සහ විශ්වසනීයම මාධ්‍ය ජාලය බවට ඔසවා තැබූ ප්‍රේක්ෂක, ශ්‍රාවක සහ පාඨක ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය.