ස්වීඩනයේ රජුට හා රැජිණට කොවිඩ්

ස්වීඩනයේ රජුට හා රැජිණට කොවිඩ්

ස්වීඩනයේ රජුට හා රැජිණට කොරෝනා ආසාදනය වී ඇති බව ස්වීඩන රාජමාලිගය නිවේදනය කරනවා.

ස්විට්සර්න්තයේ 75 වන වියේ පසුවන කාල් ගුස්ටාෆ් රජු හා 78 වන වියේ පසුවන සිල්වියා රැජිණ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද රාජ මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

ඔවුන් දෙදෙනාම කොවිඩ් වෛරසයට එරෙහි එන්නතෙහි මාත්‍රා තුනම ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් දෙදෙනා සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර රාජ මාලිගය තුළම නිරෝධායනයට ලක්කර ඇති බවද සඳහන්.

Share This