සාකච්ඡා අවසන් – රුසියාවෙන් පිටව යාමට උතුරු කොරියානු නායකයා සන්නද්ධ දුම්රියට ගොඩවෙයි

සාකච්ඡා අවසන් – රුසියාවෙන් පිටව යාමට උතුරු කොරියානු නායකයා සන්නද්ධ දුම්රියට ගොඩවෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පැයකට අධික කාලයක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව දෙදෙනාම නිල දිවා භෝජන සංග්‍රහයට එක්ව තිබෙනවා.

එහිදී නිල දිවා භෝජන සංග්‍රහය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සව්දිය පුරමින් පවසා ඇත්තේ “අපේ රටවල් අතර සහයෝගීතාවය සහ මිත්‍රත්වය අනාගත ශක්තිමත් කිරීම සඳහා” යනුවෙනුයි

එවිට උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා ඇත්තේ “අපේ ජාතීන්ගේ යහපැවැත්ම සහ සමෘද්ධිය සඳහා සහ පැමිණ සිටින සියලු දෙනාගේ සෞඛ්‍ය සඳහා බවයි

උතුරු කොරියානු නායකයා Pyongyang වෙත දිගු ගමනක් ආරම්භ කිරීම සඳහා දැඩි ලෙස සන්නද්ධ වූ ඔහුගේ පෞද්ගලික දුම්රියට මේ වනවිට යළිත් ගොඩවී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This