සාකච්ඡාවලින් පසු තලෙයිබාන්ලා ස්වාත් හැර යති

සාකච්ඡාවලින් පසු තලෙයිබාන්ලා ස්වාත් හැර යති

පාකිස්ථාන බලධාරීන්, තලේබාන් සංවිධානය සමඟ දින ගණනාවක් පැවති සාකච්ඡාවලින් පසුව, සටන්කාමීන් ස්වාත් නිම්නයේ කඳු මුදුන් අත්හැරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

තලේබාන් සටන්කාමීන් මීට මාස කිහිපයකට පෙර ස්වාත් වෙත පැමිණ ඇති අතර ඔවුන් දිස්ත්‍රික්කයේ මට්ටා උප කොට්ඨාසයේ කඳු මුදුන් අත්පත් කරගෙන සිටි බව සඳහන්.

ස්වාත් වෙත තලෙයිබාන් සාමාජිකයන්ගේ අනපේක්ෂිත පැමිණීම සංචාරක ව්‍යාපාරයට ද හානියක් වූ අතර තලෙයිබාන් සාමාජිකයන් මිටියාවතට පැමිණි බව වාර්තා වූ දිනයේ දහස් ගණන් ජනයා මාලම් ජබ්බා, බහරේන් සහ කලාම් නිම්නවල හෝටල්වල තම වෙන් කිරීම් අවලංගු කර තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ප්‍රාන්ත ආණ්‍ඩුව සහ ෆෙඩරල් ආණ්ඩුව යන ආණ්ඩු දෙකම මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව සිටින බවට මැසිවිලි නැඟීම නිසා ස්වාත් ජනතාව අතර කෝපයක් ද හටගෙන තිබුණා.

තලේබාන් සාමාජිකයන්, කඳු මුදුන්වල රැඳී සිටියද ප්‍රාදේශීය පරිපාලනයේ කටයුතුවලට මැදිහත් වුණේ නැහැ.

එහෙත්, එය ස්වාත් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සාමයට නිරන්තර තර්ජනයක් නිර්මාණය කර තිබුණා.

තලේබාන් සාමාජිකයන් ඇෆ්ගනිස්ථානයේ ඔවුන්ගේ ඉහළ නායකත්වයේ උපදෙස් මත ස්වාත් සහ කයිබර්පක්තුන්ක්වා හි අනෙකුත් දිස්ත්‍රික්ක වෙත පැමිණ සිටි බව සදහන්.

 

Share This