සාම සාකච්ඡා සඳහා යුක්රේනයේ දූත පිරිස බෙලරුස් දේශසීමාවට-UPDATE
රුසියානු දූත පිරිස සමග සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා යුක්රේනයේ දූත පිරිස යුක්රේන-බෙලරුස් දේශසීමාවට පැමිණ ඇති බව යුක්රේනබලධාරීන් නිවේදනය කර තිබෙනවා
ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධානම දේ සටන් විරාමයක් සහ යුක්රේන භූමියෙන් හමුදා ඉවත් කර ගැනීම බවයි ඔවුහු සඳහන් කරන්නේ
ආරක්ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සාකච්ඡා දිගින් දිගටම කල් දැමුණු බව මීට පෙර වාර්තා වුණා
ඉරිදා දිනයේදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ මෙම සාකච්ඡාවලින් ඉදිරි ගමනක් බලාපොරොත්තු නොවන බවයි.
එහෙත්, යුද්ධය නැවැත්වීමට උත්සාහ නොකිරීම ගැන කිසිවෙකුට යුක්රේනයට දොස් පැවරිය නොහැකි වන පරිදි, ඔවුන් මෙම අවස්ථාව භාවිතා කිරීමට උත්සාහ ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ
………………………………………………………
එක්සත් රාජධානිය රුසියාවේ මහ බැංකුව සම්බන්ධ ගණුදෙනු තහනම් කරයි -UPDATE
Feb 28, 2022 at 10:45
මොස්කව්හි මූල්‍ය ආයතන බටහිර වෙලඳපොලෙන් කපා හැරීමේ නවතම පියවර ලෙස එක්සත් රාජධානිය රුසියාවේ මහ බැංකුව සම්බන්ධ ගණුදෙනු තහනම් කරන බව නිවේදනය කර තිබෙනවා
මෙම පියවර මගින් බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතන මොස්කව්හි මුදල් අමාත්‍යාංශය සහ එහි ස්වෛරී ධන සම්පත් අරමුදල සමඟ ගනුදෙනු කිරීම තහනම් කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
තවත් සම්බාධක මේ සතියේ ප්‍රකාශයට පත් කරන බව එරට නිලධාරීහු වැඩිදුරටත් පවසා තිබෙනවා
……………………………………………………..
කුඩා දැරියකට සහ දෙමව්පියන්ට මහමගදී රුසියානුවන් වෙඩි තබා මරා දමයි -UPDATE
Feb 28, 2022 at 10:45
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඉරිදා දිනය වනවිට යුක්රේනයේ මානව හිමිකම් කොමසාරිස් විසින් ළමුන් කිහිප දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 210ක් ලෙස දක්වා තිබෙනවා.
මියගිය අය අතර Kyiv අගනුවර ප්‍රාථමික පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි Polina නම් දැරියද සිට තිබෙන බවයි පැවසෙන්නේ.
Kyiv හි පළාත් පාලන අධිකාරිය පවසන්නේ ,අගනුවරට වයඹ දෙසින් වීදියකදී රුසියානු කඩාකප්පල්කාරී සහ ඔත්තු බැලීමේ කණ්ඩායමක් විසින් ඇය සහ ඇගේ දෙමාපියන් වෙඩි තබා මරා දමා තිබෙන බවයි
පොලිනාගේ සහෝදරයා සහ සහෝදරිය රෝහලට ගෙන යාමෙන් පසුව සොහොයුරිය දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර තිබෙනවා
තවත් සිවිල් වැසියන් කිහිප දෙනෙකු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
එමෙන්ම ළදරු පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් හත් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති අතර දකුණේ පිහිටි ගම්මානවලට වෙඩි තැබීමෙන් යුක්රේනයේ සාමාජිකයින් 10 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
………………………………………………………
ගුවන් තහනම නොතකා රුසියානු ගුවන් යානයක් කැනේඩියානු ගුවන් සීමාවට
Feb 28, 2022 at 09:54
කිසිදු රුසියානු ගුවන් යානයක් තම භූමියට ඇතුළු වීම වළක්වාළමින් කැනඩාව විසින් පනවා ඇති තහනම නොතකා රුසියානු වාණිජ ගුවන් යානයක් කැනේඩියානු ගුවන් සීමාවට පියාසර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කැනඩාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ සුදුසු ක්‍රියාමාර්ග ඒ වෙනුවෙන් ගැනීමට පසුබට නොවන බවයි.
කැනඩාව, බටහිර ජාතීන් කිහිපයක් සමග පසුගිය ඉරිදා සිට රුසියාවට සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගත්තා
තමන් ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගැන සලකා බලන බව එක්සත් ජනපදය ප්‍රකාශ කළ නමුත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද එක්සත් ජනපද නිලධාරීන් පවසා තිබෙනවා
ෆ්ලයිට් අවෙයාර් වෙබ් අඩවියට අනුව, යානය ඉරිදා ෆ්ලොරිඩාවේ මියාමි නුවරින් පිටත්වීමෙන් පසු මොස්කව් වෙත පියාසර කරමින් තිබුණ බව සඳහන්