
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් භාර ගැනේ
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව නැවත සමීක්ෂණ අයදුම්පත් භාර ගැනීම 14 වන දා සිට මේ මස 28 වෙනිදා දක්වා සිදුකිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එසේම දෙස් විදෙස් භාවිතය සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර ලබා ගැනීමට online ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමේ කටයුතු ද අද සිට ආරම්භවනවා.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු පෞද්ගලික අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමටද කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම සඳහා 1911 හෝ 0112785922/0112784208 මෙම දුරකථන අංක භාවිත කළ හැක.