
සාමාන්‍ය පෙළ පළමුවැන්නා මහනුවරින් – දෙවැන්නා යාපනයෙන් (VIDEO)
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක් විසින් හිමි කරගෙන තිබෙනවා.
දෙවන ස්ථානය හිමිව ඇත්තේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයටයි.
එමෙන්ම තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයට හිමිව තිබෙනවා.
2022 සාමාන්‍ය පෙළ විභාගයේ දී සිව්වන ස්ථාන 2ක් හිමිකරගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලය විසිනුයි එය හිමි කරගෙන ඇත්තේ.
එමෙන්ම 6 වන ස්ථාන 4ක් මෙවර හිමිව ඇති අතර එය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ සිසුවෙකු සහ ත්‍රිකුණාමලය ශ්‍රී ශම්මුගම් හින්දු බාලිකා විද්‍යාලයේ සිසුවියක විසින් හිමි කරගෙන තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයේ දී 10 වන ස්ථාන 2ක් හිමිව ඇති බව සඳහන්.
එය මහනුවර උසස් බාලිකා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය විසින් හිමි කරගෙන තිබෙනවා.
2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පළ කළ අදහස් පහතින්….