සැත්කම් නවත්වන්නේ නෑ – පේරාදෙණිය රෝහල කාර්ය මණ්ඩලයට දැනුම්දෙයි (වීඩියෝ)

සැත්කම් නවත්වන්නේ නෑ – පේරාදෙණිය රෝහල කාර්ය මණ්ඩලයට දැනුම්දෙයි (වීඩියෝ)

පේරාදෙණිය රෝහලේ සැත්කම් තාවකාලිකව නවතා දැමීමට ගත් තීරණය අත්හිටුවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දීම සම්බන්ධයෙන් තහවුරු කරමින් ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් එම තීරණය අත්හිටවූ බවයි පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරන්නේ.

 

කෙසේවෙතත් , අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැතිවීම හේතුවෙන් පේරාදෙණිය රෝහලේ සියලුම සැත්කම් ඊයේ (28දා) සිට නවතා දැමීමට තීරණය කළ බව පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් රෝහලේ සියලුම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයට ලිඛිතව දන්වා තිබුණා.

එම පුවත ආරංචි වීමත් සමග ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉන්දියාවට සහාය විය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත දැනුම් දුන් බවයි.

 

 

 

Share This