සැම්බියාවේ පසුගිය පැය 24 තුළ නව කොලරා රෝගීන් 400ක් සහ මරණ 18ක් වාර්තා වෙයි

සැම්බියාවේ පසුගිය පැය 24 තුළ නව කොලරා රෝගීන් 400ක් සහ මරණ 18ක් වාර්තා වෙයි

කොලරාව පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සැම්බියාවේ දේවස්ථානවල දේවමෙහෙයන් සඳහා වූ කාලය පැය දෙකකට සීමා කිරීමට නියෝග කර තිබෙනවා .

සියලුම දේවස්ථානවල කෑමට සූදානම් කළ ආහාර අලෙවි නොකරන බව ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Ndiwa Mutelo පවසනවා

රෝගය වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා අතට අත දීමෙන් සහ වැළඳගැනීම්වලින් වළකින ලෙසයි ජනතාවට උපදෙස් දී ඇත්තේ

ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Ndiwa Mutelo ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මධ්‍යස්ථානවලට ආරක්ෂිත පානීය ජලය, අත් සේදීමේ ස්ථානමෙන්ම ,සනීපාරක්ෂක යන්ත්‍ර ඔවුන්ගේ සාමාජිකයින්ට ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රටපුරා කොලරා රෝගීන් 7,800කට වඩා වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය පැය 24 තුළ නව රෝගීන් 400 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 18 ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ

Share This