සැහැල්ලු ගුවන් යානයක මත්ද්‍රව්‍ය කිලෝ 52ක් -ඕස්ට්‍රේලියානු පොලිසියෙන් කළ වැටලීමේ වීඩියෝ දර්ශන

සැහැල්ලු ගුවන් යානයක මත්ද්‍රව්‍ය කිලෝ 52ක් -ඕස්ට්‍රේලියානු පොලිසියෙන් කළ වැටලීමේ වීඩියෝ දර්ශන

මත්ද්‍රව්‍ය තොගයක් හොර රහසේ ප්‍රවාහනය කිරීමට යොදාගත් සැහැල්ලු ගුවන් යානයක් ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගුවන් යානයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 52ක් තිබු බවයි වාර්තා වන්නේ .

ගුවන් යානය පැපුවා නිව්ගිනියාවේ සිට පියාසර කර ඇති අතර, එය හඳුනාගැනීම වැළැක්වීම සඳහා පියාසැරි නිරීක්ෂණ පද්ධති ක්‍රියා විරහිත කර තිබී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනෙක් සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This