සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් අනතුරක -අයෙක් මියගොස් තවත් පිරිසකට තුවාල

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් අනතුරක -අයෙක් මියගොස් තවත් පිරිසකට තුවාල

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් අනතුරකට ලක්වී තිබෙනවා.

එම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ධාවනය වූ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

එය බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු සිට ඇති බව සඳහන්.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් අදාළ ගුවන් සමාගම විසින් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ශෝකය පළ කර තිබෙනවා.

Share This