සික් බෙදුම්වාදී දේශකයෙකු පැනයයි

සික් බෙදුම්වාදී දේශකයෙකු පැනයයි

සික් බෙදුම්වාදී දේශකයෙකු වන අම්රිත්පාල් සිංග් පලාගොස් තිබෙනවා.

මේ වනවිට පන්ජාබ් පොලිසිය ඔහුව සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රාන්තය පුරා ජංගම අන්තර්ජාලය අත්හිටුවා ඇති අතර අම්රිත්පාල් සිංගේ ආධාරකරුවන් 100කට වැඩි පිරිසක් ප්‍රශ්න කිරීමට රඳවාගෙන සිටින බව පොලිසිය පවසනවා.

1980දී දහස් ගණනක් මියගිය කැරැල්ලක් පිළිබඳව මතකයන් අලුත් කරමින් සික්වරුන් සඳහා වෙනම නිජබිමක් අවශ්‍ය බව පෙන්වාදෙමින් ඔහු දේශන පවත්වා තිබෙනවා.

අම්රිත්පාල් සිං කියා සිටින්නේ සීක් නිජබිමක් වන ඛලිස්තානය සඳහා සන්නද්ධ කැරැල්ලකට නායකත්වය දුන් බවට ඉන්දීය රජය විසින් චෝදනා කරන ලද දේශකයෙකු වන ජර්නයිල් සිංග් බින්ද්‍රන්වාලේගෙන් ආභාෂය ලබා ගනිමින් ඔහු මෙම අරගලයේ යෙදෙන බවයි.

30 හැවිරිදි දේශකයාගේ සහචරයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන්දියාවේ දැඩි ජාතික ආරක්ෂක පනත යටතේ නඩු පවරා ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් පන්ජාබ් පොලිස්පති සුක්චේන් සිං ගිල් පවසනවා.

සික් දේශක අම්රිත්පාල් සිංග් සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This