
සිම්බබ්වේ යන්න කලින් ලසිත් මාලිංග ගෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට පුහුණුවක්
ඉදිරි සිම්බාබ්වේ තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් වන බැවින් ලසිත් මාලිංග අද ජාතික පිරිමි සංචිතයේ පුහුණු සැසිවලට එක් වුණා.
කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යන තෙක් මාලිංග කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සමඟ සමීපව කටයුතු කරනු ඇති අතර, උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥතාවක් ලබා දෙනු ඇති.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අගෝස්තු 22 වන දින සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ එක්දින තරග දෙකක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහායි.