සිම්බාබ්වේ කොලරාව පැතිරීම පාලනයට සීමා පනවයි

සිම්බාබ්වේ කොලරාව පැතිරීම පාලනයට සීමා පනවයි

පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගිය බවට සැක කෙරෙන කොලරාව පැතිරීම පාලනය කිරීම සඳහා සිම්බාබ්වේ රජය සීමාවන් හඳුන්වා දී තිබෙනවා

සමහර සමාජ රැස්වීම් අත්හිටුවීම, අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමට අවසර දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව සීමා කිරීම සහ කොලරාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල අවමංගල්‍ය උත්සවවලදී අතට අත දීම සහ ආහාර සැපයීම තහනම් කිරීම මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

සැක සහිත රෝගීන් 4,600 කට වැඩි සංඛ්‍යාවකින් කොලරා රෝගීන් 905 ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබෙනවා

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොලරා මරණ 100 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර හරාරේ අගනුවර ඇතුළුව දිස්ත්‍රික්ක 41 කට වැඩි ප්‍රමාණයක කොලරාව පැතිරී ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

2008 සහ 2009 අතර කාලයේදී කොලරාව පැතිරීමෙන් පුද්ගලයන් 4,200 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 100,000 කට ආසන්න පිරිසකට ආසාදනය වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This