සිම්බාබ්වේහි සිරකරුවන් 4,000කට අධික පිරිසකට නිදහස

සිම්බාබ්වේහි සිරකරුවන් 4,000කට අධික පිරිසකට නිදහස

සිම්බාබ්වේ රටේ ජනාකීර්ණ බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා ජනාධිපති සමාව නියෝගයක් යටතේ සිරකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා

ඒ අනුව සිරකරුවන් 4,000 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන් , මංකොල්ලකෑම් සිදු කළ අය, මහජන සාමය කඩකිරීම සම්බන්ධයෙන් වැරදි කරුවන් වූ අය මේ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිම්බාබ්වේ බන්ධනාගාර තුළ දැඩි තදබදයක් පවතින බවත් අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මෙම පියවර ගෙන ඇති බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This