සියම් දහම් පාද යාත්‍රාව 14 වැනි දිනට ඉදුරුව ශ්‍රී සුනන්දාරාම මහා විහාරයට

සියම් දහම් පාද යාත්‍රාව 14 වැනි දිනට ඉදුරුව ශ්‍රී සුනන්දාරාම මහා විහාරයට

සියම් දහම් පාද යාත්‍රාව කතරගමින් වීථි සංචාරය ආරම්භ කර අදට දින 14 ක්.

පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම විසල් පාද යාත්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

මෙම පද ‍යාත්‍රාව අද පස්වරුව වන විට ගමනාන්තය වූ කයිකාවල – ඉදුරුව ශ්‍රී සුනන්දාරාම මහා විහාරය වෙත සපැමිණියා.

එය හෙට උදෑසන කයිකාවල ඉදුරුව ශ්‍රී සුනන්දාරාම මහා විහාරයෙන් හෙට දින ගමන් ආරම්භ කර ගමනාන්තය වන මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය දක්වා පැමිණීමට නියමිතයි.

එකී මාවතේ සමාධි සිත් පෙරදැරිව වැඩමවන උතුම් මහා සංඝරුවනට දන් පැන් ගිලන්පස පූජා කරමින් ප්‍රතිපත්ති පූජාවේ අනුසස් ලබන්නටත්, සාධුකාර දී ආශීර්වාද ලැබගන්නටත් පහන් සිතින් එක්වන්නට සැදැහැති ඔබ සැමට බැතිබර අරාධනා.

Share This