සියම් දහම් පාද යාත්‍රාව දොලොස්වන දිනටත් වීථි සංචාරයේ

සියම් දහම් පාද යාත්‍රාව දොලොස්වන දිනටත් වීථි සංචාරයේ

සියම් දහම් පාද යාත්‍රාව අද දොලොස්වන දිනටත් වීථි සංචාරය කළා.

පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන එකී විසල් පාද යාත්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

සිරිලක බෞද්ධ සැදැහැතියන්ට ප්‍රතිපත්ති පූජාවෙන් මහත් පින් ලැබ ගන්නට අවස්ථාව සලසන සියම් දහම් පාද යාත්‍රාව අද උදෑසන ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරයෙන් ගමන් ආරම්භ කළ අතර අද පස්වරුව වන විට අද දිනට ගමනාන්තය වූ හික්කඩුව ශ්‍රී සීලක්ඛන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණියා.

හෙට උදෑසන හික්කඩුව ශ්‍රී සීලක්ඛන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ගමන් අරඹන සියම් දහම් පාද යාත්‍රාව හෙට දින ගමනාන්තය වන අම්බලන්ගොඩ සිරි විජයාරාමය දක්වා දක්වා පැමිණීමට නියමිතයි.

එකී මාවතේ සමාධි සිත් පෙරදැරිව වැඩමවන උතුම් මහා සංඝරුවනට දන් පැන් ගිලන්පස පූජා කරමින් ප්‍රතිපත්ති පූජාවේ අනුසස් ලබන්නටත්, සාධුකාර දී ආශීර්වාද ලැබගන්නටත් පහන් සිතින් එක්වන්නට සැදැහැති ඔබ සැමට බැතිබර අරාධනා.

 

Share This