
සිරකරුවන් සිරගතකිරීම ගැන මහේස්ත්‍රාත්වරුන්ට පැරණි චක්‍රලේඛයක් නැවත එයි
රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සහ සිරදඬුවම් විඳින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවස්ථානුගත කරුණු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා 2012.05-12 දිනැති අංක 344 දරණ අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛය නෙවත නිකුත් කර තිබෙනවා.
එහි ලේකම් ප්‍රසන්න අල්විස් මහතා සදහන් කර ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාව තමන්ට කළ නියෝගයකට අනුව මෙම චක්‍රලේඛය නැවත නිකුත් කරන බවයි.
එහි දැක්වෙන්නේ මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවකුට හෝ සිරකරුවකුට විශේෂ ආරක්ෂාව ලබාදෙන ලෙසට නියෝග නොකළ යුතු බවයි.
යම් සැකකරුවකු හෝ සිරකරුවකු විවෘත අධිකරණයේ දී ඒ සඳහා ඉල්ලීමක් කරනු ලැබුව හොත් එය අදාල බන්ධනාගාර අධිකාරීවරයාගේ අවධානයට ලක්කිරීම ප්‍රමානවත් බව එහි දැක්වෙනවා.
මහේස්ත්‍රාත්වරයකු විසින් යම් සැකක්ෘවකු හෝ සිරකරුවකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග නොකළ යුතු බව ද එම චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.
යම් සැකකරුවකු හෝ සිරකරුවකු බන්ධනාගාරගතව සිටින කාලය තුළ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවන්ට සහභාගීවීමට හෝ වෙනයම් කටයුත්තකට බන්ධනාගාරය මගින් නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස නියෝග නොකළ යුතු බවත් ,සමීප ලේ ඥාතීන්ගේ අවමගුල් අවස්ථාවන්වලදී ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝග සහ රෙගුලාසිවලට අනුව එඅම සැකකරුවන් සහ සිරකරුවන් අවශ්‍ය ස්ථානවලට රැගෙනයාම බන්ධනාගාර අධිකාරීවරයාගේ මෙහෙයවීම මත සිදුකරනු ඇති බවත් අදාල චක්‍රලේඛයේ දැක්වෙනවා.