සිරගතව සිටින හිටපු ජනාධිපතිවරයෙක් වෙනුවෙන් පෙළ ගැසුණු විරෝධතාකරුවන්

සිරගතව සිටින හිටපු ජනාධිපතිවරයෙක් වෙනුවෙන් පෙළ ගැසුණු විරෝධතාකරුවන්

සිරගත කර සිටින හිටපු ජනාධිපති Mikheil Saakashvili ට සහය පළ කරමින් එරට ප්‍රධාන විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයට සහභාගී වූ විරෝධතාකරුවන් ජෝර්ජියානු පාර්ලිමේන්තුවෙන් පිටත පෙළ ගැසී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සහ ස්වාධීන මාධ්‍ය නිහඬ කිරීම සම්බන්ධයෙන් එරට රජයට චෝදනා එල්ල වී තිබෙනවා.

2004 සහ 2013 අතර කාලයේදී වාර දෙකක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙමින් සේවය කළ Mikheil Saakashvili බලය අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් දැනට වසර හයක සිරදඬුවමක් විඳිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This