සිරවී සිටින ඉන්දීය කම්කරුවන්ගේ පළමු වීඩියෝව නිකුත්වෙයි ( VIDEO)

සිරවී සිටින ඉන්දීය කම්කරුවන්ගේ පළමු වීඩියෝව නිකුත්වෙයි ( VIDEO)

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන දින නවයකට පසු පළමු වරට කැමරාවක සටහන් වී තිබෙනවා

උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බවයි පැවසෙන්නේ .

සේවකයන්ට දින කිහිපයකින් ඔවුන්ගේ පළමු උණුසුම් ආහාර වේල ලබා දීම සඳහා ගැලවුම්කරුවන් එම නළයම භාවිතා කළ බවයි පැවසෙන්නේ

මෙතෙක් ඔවුන් ජීවත් වූයේ මීට පෙර ඇතුල් කරන ලද පටු පයිප්පයක් හරහා යවන ලද කෙටි ආහාර වලිනුයි

උතුරු ප්‍රාන්තයේ උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින උමං මාර්ගය නාය යෑමකින් පසු කඩා වැටුණේ පසුගිය නොවැම්බර් 12 වැනිදායි.

 

Share This