
සිරි දළදා වන්දනාවට අදාළව සංසරණයවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ගැන රජයෙන් දැනුම් දීමක්
සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැගෙන පරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බවයි.
තවද මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේද කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිවේදනය පහතින්,