
සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි
සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අද (27) යි.
දින 10ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට හිමිවූ දුර්ලභ අවස්ථාව සඳහා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් එක්වුණා.
වසර 16කට පසුවයි මෙවර සිරි දළදා වන්දනාව පැවැත්වුණේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.