සිරියානු ජනාධිපති රුසියාවට

සිරියානු ජනාධිපති රුසියාවට

සිරියානු ජනාධිපති Bashar al-Assad රුසියාවේ මොස්කව් අගනුවර වෙත පැමිණ තිබෙනවා.

පසුගිය මාසයේ ඇති වූ භූ කම්පනයෙන් අනතුරුව සිරියානු ජනාධිපතිවරයා නිරත වන පළමු විදෙස් සංචාරය මෙය වන බවයි වාර්තා වන්නේ.

සිරියානු ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡාවක නිරත වීමට ද නියමිතව තිබෙනවා.

දේශපාලන, වෙළඳ, ආර්ථික සහ මානුෂීය ක්ෂේත්‍රවල දෙරටේ සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයින් අතර පැවැත්වෙන සාකච්ඡාවේ දී අවධානය යොමුවනු ඇති.

Share This