සිව් දෙනෙකුට මරු කැඳවූ බස් අනතුර (PHOTOS)

සිව් දෙනෙකුට මරු කැඳවූ බස් අනතුර (PHOTOS)

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ,.

අනතුරින් තවාල ලැබූ පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කර තිබෙනවා.

එහිදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බව සඳහන්.

නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

 

Share This