
සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක්වෙයි
චීනයේ සීසැං දිස්ත්‍රික්කයෙහි පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී වී තිබෙනවා.
එහි දී රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, චීනයේ සීසැං ස්වයං පාලන කලාපීය මහජන රජයේ විධායක උප සභාපති, ගරු Ren Wei මහතා විසින්.
සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය සහ ආර්ථිකයේ විශිෂ්ටත්වය සඳහා කලාපයට ආවේණික නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වැනි විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කරගැනීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබෙන බව සඳහන්.
එහිදී දෙරටෙහි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කළ හැකි මාර්ග පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.