සිව්වන කොවිඩ් රැල්ල මැද ඇඳිරි නීතිය ඉවත් කළ රට

සිව්වන කොවිඩ් රැල්ල මැද ඇඳිරි නීතිය ඉවත් කළ රට

දකුණු අප්‍රිකාව එක රැයකින් ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට නිලධාරීන් පවසන්නේ මේ වනවිට දකුණු අප්‍රිකාව එහි සිව්වන කොවිඩ් -19 ආසාදන රැල්ලේ උච්චතම අවස්ථාව පසු කර තිබෙන බවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය  ඉතා වේගයෙන් පැතිර යන නමුත් එහි ප්‍රබලතාවය අනෙක් ප්‍රභේදයන්ට වඩා අඩු බැවින් රෝහල්ගත වීමේ අනුපාත අඩු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නමුත් මරණ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

දකුණු අප්‍රිකාවෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථම වරට සපයාගනු ලැබුවේ පසුගිය මාසයේදීයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේදයන්ගෙන් සෞඛ්‍ය පද්ධති යටපත් කළ හැකි “සුනාමියක්” ගැන අනතුරු අඟවනු ලැබුවා

නමුත් දකුණු අප්‍රිකාවේ, විශේෂ කැබිනට් රැස්වීමකින් පසු දැනුම් දී ඇත්තේ රට පුරා සෑම පළාතකම පාහේ රෝගීන් සහ රෝහල්වලට ඇතුළත් වීමේ අනුපාත පහත වැටී ඇති බවයි.

2021 දෙසැම්බර් 25 න් අවසන් වන සතිය සඳහා, තහවුරු කරන ලද ආසාදන සංඛ්‍යාව 89,781 ක් වුණා

කෙසේවෙතත් මේ වන විට ගමනාගමනයට ඇති සීමාවන් ඉවත් කර අතර සාමාන්‍ය බලපත්‍ර නීති යටතේ මත්පැන් විකිණීමේ ව්‍යාපාරවලටද අවසර ලබා දී තිබෙනවා

අනිවාර්ය මුහුණු ආවරණ පැළඳීම ඇතුළුව එන්නත් ලබා ගැනීමට සහ මහජන සෞඛ්‍ය නීති අනුගමනය කරන ලෙසද  මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සමාජ දුරස්ථභාවයට ඉඩ දීම සඳහා රැස්වීම් ගෘහස්ථව පවත්වනවානම් පුද්ගලයින් 1,000 කට සහ එළිමහනේ රැස්වීම් සඳහා  2,000 කට හෝ ස්ථාන ධාරිතාව 50% කට සීමා කර තිබෙනවා.

Share This