සිසුන් 19කට මරු කැඳවූ පාසැලේ ගින්නට හේතුව ජංගම දුරකථනයක් (VIDEO)

සිසුන් 19කට මරු කැඳවූ පාසැලේ ගින්නට හේතුව ජංගම දුරකථනයක් (VIDEO)

දකුණු අමෙරිකානු උතුරු අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි රටක්වන Guyanaවේ පාසැලක ඇතිවූ ගින්නට හේතුව විමර්ශනවලින් හෙළිව තිබෙනවා

තම ජංගම දුරකථනය භාරයට ගැනීම නිසා කෝපයට පත්ව එම සිසුවා විසින් මෙය සිදුකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ

මෙම ගින්නෙන් සිසුන් 19ක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

ගිනි තැබූ සැකකරු පිළිස්සුම් තුවාල සහිතව මේ වන විට රෝහල්ගතව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

පාසලේ නානකාමර ප්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති අතර අවසානයේ මුළු ගොඩනැගිල්ලටම ගින්න පැතිර ගොස් තිබෙනවා

ගින්න ආරම්භ වන විට සිසුන් 57 දෙනෙකු එහි සිටි බවද සඳහන්

දොර අගුළු ඇරීමට යතුරු සොයා ගැනීමට නොහැකි වී නිසා පාසැලේ නේවාසිකාගාරයේ පරිපාලිකාවට ගින්නෙන් ඇගේ පස් හැවිරිදි පුතාද අහිමිවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

තුවාල ලැබූ සිසුන් රෝහල් ගත කර ඇති අතර කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා

Share This