සිසුවාට වකුගඩුවක් පරිත්‍යාග කළ ගුරු පියාණන්

සිසුවාට වකුගඩුවක් පරිත්‍යාග කළ ගුරු පියාණන්

වකුගඩුවක් හදිසියේ අවශ්‍ය වූ එක්සත් ජනපදයේ ඔහියෝ හි 15 හැවිරිදි උසස් පාසල් සිසුවෙකුට ඔහුගේ ගණිත ගුරුවරයා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට එකඟ වී තිබෙනවා.

ඔහියෝ ප්‍රාන්තයේ Toledoහි Whitmer High School හි ගණිත ගුරුවරයෙකු වන Eddie McCarthy, ඔහුගේ ශිෂ්‍යයෙකු වන Roman McCormick ගේ රෝගී තත්ත්වය ගැන මාස දෙකකට පෙර දැනගෙන තිබෙනවා.

ගුරුවරයා ඔහුගේ වකුගඩුව සිසුවාට ගැළපෙනවාද බැලීමට හොර රහසේම ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තමාගේ වකුගඩුව සිසුවාට ගැළපෙන බව දැනගැනීමට ගුරුවරයා මාස කිහිපයක් පරීක්ෂණ කිහිපයකටම මුහුණ දී තිබෙනවා.

අවසානයේ ගුරුවරයා පසුගිය ජුනි මාසයේදී ශල්‍යකර්ම දිනයක් ලබා දී ඇති අතර ඉන් පසුවයි ඔහු McCormick පවුලේ අය සමග ඔහු වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති බව පවසා ඇත්තේ.

ජාතික සෞඛ්‍ය ආයතනවලට අනුව, උසස් පාසල් දෙවන වසරේ ශිෂ්‍යයෙකු වන මැක්කෝමික්ට, පටක වර්ධනයට බලපාන දුර්ලභ, පාරම්පරික රෝගී තත්ත්වයක් වන branchiootorenal හෝ BOR සින්ඩ්‍රෝමය ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This