සීනි මිල තවත් රු 50කින් ඉහළ යන ලකුණු

සීනි මිල තවත් රු 50කින් ඉහළ යන ලකුණු

ආනයනය කර තිබෙන සීනි තොග මාස හතරකට ආසන්න කාලයක් වරායේ බහලුම් තුළ තැබීමට සිදුවීම නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති බැවින්, ඒ සඳහා සහනයක් සලසන ලෙස සීනි ආනයනකරුවෝ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මේ වනවිටත් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම මත සීනි කිලෝ එකක මිල රුපියල් පනහකින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත්, තවදුරටත් බහාලුම් තුළ තැබීමට සිදුවුවහොත්, සීනි කිලෝවක් සඳහා අධික මිල ගණන් අය කිරීමට සිදුවන බවත් ආනයනකරුවෝ පෙන්වා මෙහිදී පෙන්වා දී තිබෙනවා

සිමෙන්ති හා සීනි හිඟයක් මේ දිනවල රට තුළ පවතින බවත් ඉදිරි සති 03 ඇතුළත රටට අවශ්‍ය සීනි හා සිමෙන්ති ලබාදීමට කටයුතු කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසනවා

එමෙන්ම රටට අවශ්‍ය සිමෙන්ති හා සීනි ලබාදීමට ආනයනකරුවන් හා නිෂ්පාදකයන් කටයුතු කරනු ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කර තිබෙනවා

දැනට සීනි කිලෝවක මිල රුපියල් 230- 240 අතර මුදලකට විවිධ වෙළෙඳසල්වල අලෙවි වන නමුත් පාරිභෝගික අධිකාරිය ලෙස සීනි සඳහා පාලන මිලක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතන ලෙස සතොස හා සමුපකාරවල සුදු සීනි කිලෝවක් රුපියල් 122ටත් දුඹුරු සීනි කිලෝවක් 125ක පාලන මිලකටත් අලෙවි කරන බවට අලගියවන්න මහතා සඳහන් කර තිබෙනවා

තමන්ට සහනයක් සලසන ලෙස ඉල්ලමින් සීනි හා සිමෙන්ති ආනයනකරුවන් පසුගියදා රාජ්‍ය ඇමැතිවරයා හමුවූ අතර මහ බැංකු අධිපති හමුවී එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බවටද රාජ්‍ය ඇමැතිවරයා සහතික වී තිබෙන බවයි පැවසෙන්නේ

Share This