සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුලතිව් මාන්කුලම් පොලිස් වසමට අයත් බනිකන් කුලම් ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අලුත්වැඩියා කටයුුතු සදහා නවතා තිබූ සුඛෝපබෝගී බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් බස් රථය පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව වු අතර තවත් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය පුද්ගලයන් තිදෙනා සහා බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හදිසි ඇමතුම් අංශය මගින් කිලිනොච්චිය රෝහලට රැගෙන ගොස් තිබුණා.

Share This