සුඩාන අර්බුදයෙන් සතුන් රැසකගේ ජීවිත අනතුරේ

සුඩාන අර්බුදයෙන් සතුන් රැසකගේ ජීවිත අනතුරේ

සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර ආසන්නයේ වනජීවී රක්ෂිතයක සිටින සිංහයන් විසිපස් දෙනෙකුගේ සහ තවත් සතුන්ගේ ජීවිත අනතුරේ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සුඩාන සත්ත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ සිංහයන් සඳහා දිනකට මස් කිලෝග්‍රෑම් 5 සිට 10 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.

නමුත් මේ වනවිට සිංහයන් සඳහා ආරක්ෂිත වැටවල් සවි කිරීමට විදුලිය නොමැති බවත්, ආහාර හිඟ වන බවත් එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම කාර්ටූම් හි ගිණිකොන දෙසින් පිහිටි අභයභූමියේ තවදුරටත් ස්ථිර කාර්ය මණ්ඩලයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

විදුලිය ඇණහිටීම හේතුවෙන් එම මධ්‍යස්ථානය දැඩි පීඩනයකට ලක්ව සිටින බවත් සතුන්ට ලබා දීමට ඇති ආහාර පාන තොග අවසන් වීමට පටන් ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This