සුඩාන ගැටුම්වලින් අගනුවර ගොඩනැගිලි කිහිපයක් ගිනි ගනියි (VIDEO)

සුඩාන ගැටුම්වලින් අගනුවර ගොඩනැගිලි කිහිපයක් ගිනි ගනියි (VIDEO)

හමුදාව සහ ප්‍රතිවාදී හමුදා අතර පැවති දරුණු සටනකින් පසුව සුඩානයේ අගනුවර ගොඩනැගිලි කිහිපයක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නයිල් නදිය ආසන්නයේ පිහිටා ඇති තට්ටු 18 කින් යුත් තෙල් සමාගමක කුළුණු ගොඩනැගිල්ල ගිනිගෙන ඇති බවද සඳහන්

ගිනි ගැනීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති අතර තුවාල හෝ මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අපේ‍්‍රල් මාසයේ සටන් ඇවිළුණු දා සිට කාර්ටූම් සහ අනෙකුත් නගරවල ගුවන් ප‍්‍රහාර සහ ගොඩබිම් සටන් දිගටම පවතිනවා

එමෙන්ම මිලියනයකට අධික පිරිසකට රට හැර යාමට බල කෙරී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ

සුඩානයේ ප්‍රචණ්ඩත්වය අප්‍රේල් 15 වන දින ආරම්භ වූ අතර එය සුඩාන හමුදාවේ නායකයින් සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර බල අරගලයක් නිසා ඇතිවූවක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුද හමුදාව විසින් පාලනය කරන ලද ප්‍රදේශවලට ප්‍රතිවාදී කණ්ඩායම් විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් රජයේ ගොඩනැගිලි කිහිපයක්ද ගිනිගෙන තිබෙනවා.

Share This