සුඩාන හමුදා විසින් Khartoum අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 22ක් මරුට

සුඩාන හමුදා විසින් Khartoum අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 22ක් මරුට

සුඩාන හමුදා විසින් Khartoum අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මිය ගිය අතර කාන්තාවන් සහ ළමයින් සිටින බව ඇසින් දුටු සාක්ෂිකරුවන් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ සිට අගනුවර පාලනය තමන් සතු කර ගැනීම සඳහා හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර සටන් ආරම්භ වුණා

සටන් නතර කර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මිලියන තුනකට ආසන්න ජනතාවකට තම නිවෙස් අහිමිවී ඇති බවද සඳහන්

තාවකාලික සටන් විරාමයන් ලබා ගැනීමට කළ උත්සාහයන්වලදී දිගු කාලයක් නොපැවති අතර ඉතියෝපියාවේ පැවැත්වෙන සමුළුවකදී නැගෙනහිර අප්‍රිකානු කලාපීය කණ්ඩායමක් විසින් සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This