සුඩානයේ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කෙරේ

සුඩානයේ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කෙරේ

අමෙරිකානු හමුදා විසින් සුඩානයේ Khartoum නගරයේ සිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉවත් කරගත් බව එරට ජනාධිපති Joe Biden පවසනවා.

තම නියෝගයට අනුව Khartoum හි සිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කරගැනීමේ මෙහෙයුමක් අමෙරිකානු හමුදා විසින් දියත් කළ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම Khartoum හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ද වසා දමා තිබෙනවා.

ඒ අනුව Khartoum හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සුඩානයේ සිටින තම පුරවැසියන්ට කොන්සියුලර් සේවා සැපයීමට නොහැකි අතර පෞද්ගලිකව අමෙරිකානු පුරවැසියන් ඉවත් කර ගැනීමට රජයට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවයි.

සුඩානයේ සිටි විදේශීය ජාතිකයින් ඉවත් කර ගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This