සුඩානයේ ගැටුම්වලින් 168 දෙනෙකු ජීවිතක්ෂයට

සුඩානයේ ගැටුම්වලින් 168 දෙනෙකු ජීවිතක්ෂයට

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 168 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

එමෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය එරටින් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත Volker Perthes, බටහිර Darfur හි Krink කලාපයේ ප්‍රචණ්ඩත්වය හෙළා දැක ඇති බවයි පැවසෙන්නේ ,

ගැටුම් ඇති වූ එම කාලය තුළ නිවාස ගිනි තබා, රෝහල්වලට ප්‍රහාර එල්ල කර, භාණ්ඩ කොල්ලකා ඇති බවද සඳහන්

ප්‍රචණ්ඩත්වයෙන් තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වී තිබෙනවා

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සඳහන් කර තිබෙන්නේ  පෞද්ගලික ආරවුලක් බටහිර ඩාර්ෆූර් හි ක්‍රින්ක් ප්‍රදේශයේ ඇතිවීමෙන් මෙලෙස 168ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව තුවාල ලැබූවන්ට සහ රෝගීන්ට උපකාර පැතීමට ඉඩ දෙන ලෙස ඉල්ලා තිබෙන බවද වාර්තා වනවා

 

Share This